Latestදේශීය

විපක්ෂයට පාරා වලල්ලක් වූ නුගේගොඩ රැලිය

නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදු විපක්ෂය යනුවෙන් හඳුන්වා ගන්නා කණ්ඩායම මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත් වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

ඔවුන් ලබන 21 වෙනි දින නුගේගොඩ දී පැවැත්වීමට සැලසුම් කර ඇති රැළිය සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර ජනතාව ඉදිරියේ උපහාසයට ලක් වී ඇති මොහොතක, ප්‍රසන්න රණතුංග අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පවා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක් ලෙස හැඳින්වීමට දරණ ප්‍රයත්නය තුළින් ඒ බව තහවුරු වන්නේ යැයි ඔවුන් පෙන්වා දී ඇත.

ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වී එම නඩු තීන්දුව අභියාචනයට ලක් කිරීම නිසා අභියාචනාධිකරණ ඇප මත කල් ගෙවමින් සිටී. ඒ අතරතුර 2022 සිට විමර්ශන සිදු කෙරෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එම අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැඩි ලෙස කලබල වූ පිරිසක් පහත වීඩියෝවෙන් දැක්වේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *