ආන්ඩුවට ඇති ප්‍රභලම අභියෝගය
වත්මන් ආණ්ඩුව හමුවේ ආර්ථික ක්ෂේත්‍රයෙන් පවතින ප්‍රබල ම අභියෝගය පසුගිය කාලය පුරා ලබා ගෙන තිබෙන අති විශාල ණයවලට ප්‍රමාණවත් වත්කම් උපයා ගෙන නොතිබීම බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති.
පසුගිය 2024 වසර අවසන් වනවිට රජයේ සමස්ත ණය බර ට්‍රිලියන 30කට ඉතාම ආසන්න වූ අතර, එම ණය යොදා ගෙන උපයා තිබූ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8කට ආසන්න වී තිබිණි.
මේ අනුව, රජයේ ණය සහ වත්කම් අතර රුපියල් ට්‍රිලියන 22 ක සුවිශාල පරතරයක් නිර්මාණය වී ඇත. කිසිදු වත්කම් ඉපයීමකට දායක නොවූ එම ට්‍රිලියන 22ක ණය වෙනුවෙන් අති විශාල පොලී මුදලක් ගෙවීමට මෙන් ම, ණය වාරික වශයෙන් ආපසු ගෙවීමට ද වත්මන් රජයට සිදු වී තිබේ.
@Lanks Truth
Please follow and like us:

