Latestදේශීය

කෙහෙල්බද්දර පද්මේගේ බැංකු ගිණුම් විමර්ශනයට නියෝග

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ බැංකු ගිණුම් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා මහතා ඊයේ(14) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියේ පළමුවැනි සැකකරු වන කෙහෙල්බද්දර පද්මේගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කරන ලදි.

මෙම සිද්ධියේ දෙවන සැකකරුගේ බිරිඳගේ වාහනය මුදා හරින ලෙසට එම අවස්ථාවේදී දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්ථීර මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙස දන්වා සිටින ලදි.

සිද්ධියට අදාළ පළමු සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවිය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *