Latestදේශීය

පොලිස්පති රටයයි – වැඩබලන්න ජෙ.නි.පො. සංජීව ධර්මරත්න එයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත්කර ඇත. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගත වීම නිසා ඒ මහතා නැවත පැමිණෙන තුරු පොලිස්පති ධුරයේ වැඩබැලීමට ධර්මරත්න මහතා පත්කර තිබේ.

පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් වැඩබලන පොලිස්පතිවරයා පත්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ලබන 17 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *