BBC යට ට්‍රම්ප් අභියෝග කරයි
තමා විසින් කරන ලද කතාවක් සංස්කරණය කර වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර නරඹන්නන් නොමඟ යැවීම හේතුවෙන් එළඹෙන සතියේ BBC ආයතනයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඊයේ(14) සවස එයාර් ෆෝස් වන් ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබු අතර මෙම සංස්කරණය හේතුවෙන් මේ වන විට BBCහි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස්ගේ ඉල්ලා අස්වී ඇත.
මෙම සතිය මුලදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නීතිඥයින් මෙම සංස්කරණය ඉල්ලා අස්කර ගැනීමක් නිකුත් නොකළහොත්, ඩොලර් බිලියන 1 ක වන්දියක් ඉල්ලාBBCයට නඩු පවරන බවට නිවේදනය කර තිබු අතර BBC ආයතනය ඒ අනුව, සමාව අයැද සිටියද මූල්‍ය වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

