Latestදේශීය

මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම හෙට

දිවයිනේ සියලුම පාසල් හා විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් නිකුත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(16) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.

එහිදි ඔහු පැවසුවේ අධ්‍යාපන ලේකම්වරයා හරහා හෙට (17) දිනයේදීම එම චක්‍රලේඛ නිකුත් කරන බවයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා සියලු රාජ්‍ය ආයතනවල ද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා හෙට චක්‍රලේඛ නිකුත් කෙරෙනු ඇත.

ජනාධිපති ලේකම්වරයා හරහා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ ලේකම්වරයාට රාජ්‍ය නොවන ආයතනවලද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ස්ථාපිත කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත්කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට සමගාමීව රාජ්‍ය ආයතනවල ජාතික මෙහෙයුම් කමිටු පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව මෙය සිදු කිරීමට නියමිතය.

එමෙන්ම 1818 ඇමතුම් අංකයට අදාළ මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ කාර්යාලය එළැඹෙන 22වැනිදා ටොරින්ටන්හිදී විවෘතකරන බවද ආනන්ද විජේපාල මහතා මෙහිදී සදහන් කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *