Latestදේශීය

ඖෂධ වර්ග 350ක මිල අඩුකරයි

රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට ලබාදෙන ඖෂධ වර්ගවල මිල මෙසේ අඩුකර තිබේ.

ඇතැම් ඖෂධවල මිල 60%ත් 70%ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

මේ අතර දැනටමත් මිල අඩුකර ඇති ඖෂධවල ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමටද නියමිතය.

ඉදිරි සතියේ දී තවත් ඖෂධ වර්ග 200ක පමණ මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා එම ඖෂධ අලෙවි කරන අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතය.

මේ අනුව ඔසුසල්වල පමණක් නොව පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ටද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියමකර ඇති මිලටම ඖෂධ ලබාදිය යුතු වේ.

@Lanks Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *