Latestදේශීය

බස් රථයක් ගිනිගනී

ගම්පොළ ප්‍රදේ­ශයේ සිට අනු­රා­ධ­පු­ර­යට වන්ද­නා­ක­රු­වන් පිරි­සක් රැගෙන ධාව­නය වෙමින් තිබූ සුඛෝ­ප­භෝගී බස් රථ­යක් ඊයේ (16දා) උදෑ­සන ගල්කු­ලම නග­ර­යේදී ගිනි ගෙන ඇත. ගින්නෙන් බස් රථ­යම විනා­ශ­යට පත්වූ බව කව­ර­ක්කු­ලම පොලී­සිය පව­සයි.

මහ­නු­වර – යාප­නය ඒ 09 මාර්ගයේ පිහිටි ගල්කු­ලම ඉදි­කි­රීම් යන්ත්‍ර මෙහෙ­යුම් ශිල්පි විදු­හල ඉදි­රි­පි­ටදී මෙම බස් රථය හදි­සියේ ගිනි ගැනී­ම­කට ලක්ව තිබේ.

බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් මෙම ගිනි ගැනීම සිදු­ව­න්නට ඇති බවට සැක කරන බව පොලී­සිය කියයි. පොලී­සිය සහ අනු­රා­ධ­පුර මහ­න­ගර සභාවේ ගිනි නිවීමේ ඒක­කයේ නිල­ධා­රීන් එක්ව එම ගින්න කඩි­න­මින් නිවා දැමී­මට කට­යුතු කළ ද එම බස් රථය සම්පූ­ර්ණ­යෙන්ම ගින්නට හසුව විනා­ශ­යට පත්ව තිබුණි. එම වන්දනා බස් රථයේ පුද්ග­ල­යන් 11 දෙනකු පැමිණ ඇති අතර ගිනි ගැනීම හේතු­වෙන් කිසි­ව­කු­ටත් හානි­යක් සිදුවී නොමැත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *