බස් රථයක් ගිනිගනී
ගම්පොළ ප්රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (16දා) උදෑසන ගල්කුලම නගරයේදී ගිනි ගෙන ඇත. ගින්නෙන් බස් රථයම විනාශයට පත්වූ බව කවරක්කුලම පොලීසිය පවසයි.
මහනුවර – යාපනය ඒ 09 මාර්ගයේ පිහිටි ගල්කුලම ඉදිකිරීම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පි විදුහල ඉදිරිපිටදී මෙම බස් රථය හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
බස් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි. පොලීසිය සහ අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව එම ගින්න කඩිනමින් නිවා දැමීමට කටයුතු කළ ද එම බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නට හසුව විනාශයට පත්ව තිබුණි. එම වන්දනා බස් රථයේ පුද්ගලයන් 11 දෙනකු පැමිණ ඇති අතර ගිනි ගැනීම හේතුවෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

