බහලුම් නිදහස් කිරීමට කිසිම ඇමැතිවරයෙක් සම්බන්ධ නෑ – නලින්ද ජයතිස්ස
කන්ටේනර් බහලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීමට වත්මන් රජයේ අමාත්‍යවරුන් කිසිදු වරදක් කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී 15 වැනිදා ප්‍රකාශ කළේය. එම බහලුම් නිදහස් කිරීමේ සිදුවීමට කිසියම් නිලධාරියකු හෝ වරදක් සිදුකර තිබේ නම්, ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන අර්චුනා රාමනාදන්, මුජිබර් රහුමාන් සිදු කළ චෝදනාවලට පිළිතුරු දෙමිනි. කෙසේ වුව ද පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තුවේ යම් යම් ප්‍රකාශ සිදු නොකර එවැනි චෝදනාවක් තිබේ නම් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොගොස් පාර්ලිමේන්තුව තුළ කරුණු සඳහන් කිරීමෙන් ඵලක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

