Latestදේශීය

වතු කම්කරුවෝ රනිල්,සජිත්,නාමල්ට විරෝධය පා වතුකරයේ උද්ඝෝෂණයක

වතු කම්ක­රු­වන්ගේ දෛනික වැටුප වැඩි කිරී­මට රජය කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ ඇතැම් මන්ත්‍රී­ව­රුන් විරෝ­ධ­ය ­පෑ­මට එරෙ­හිව බග­ව­න්ත­ලාව, මස්කෙ­ළිය සහ මාතලේ වතු කම්කරු ජන­තාව විරෝ­ධය දක්ව­මින් ඊයේ (16) උද්ඝෝ­ෂ­ණ­වල නිරත වූහ.

ඉති­හා­සයේ කිසිදු දිනෙක උද්ඝෝ­ෂණ සහ වැඩ­ව­ර්ජන කර­මින් තම වැටුප වැඩි කර නොගත් බවත්, ඉති­හා­සයේ පළමු වතා­වට එක්වර රුපි­යල් 400ක වැටු­පක් ලබා­දී­මට ජනා­ධි­ප­ති­ව­රයා සහ වත්මන් රජය කට­යුතු කළ බවත් උද්ඝෝ­ෂ­ණයේ නිර­තව සිටි වතු කම්ක­රුවෝ කියා සිටි­යහ. විප­ක්ෂය නියෝ­ජ­නය කරන වතු­ක­රයේ දේශ­පා­ල­න­ඥ­යන් සහ විප­ක්ෂයේ ඇතැම් පිරිස් වතු­ක­රයේ ජන­තා­වගේ දුක නොහ­ඳු­නන බවත්, තමන්ගේ දුක දන්නා පාල­ක­යන්ට ඉදි­රි­යේදී තම පූර්ණ සහ­යෝ­ගය දෙන බවත් උද්ඝෝ­ෂ­ණයේ නිරත වූ ජන­තාව පැව­සූහ.

බග­ව­න්ත­ලාව නග­ර­යේදී මිනී පෙට්ටි­යක් රැගෙන වතු කම්ක­රු­වන් උද්ඝෝ­ෂ­ණ­යෙහි නියැ­ළුණු අතර, රනිල් වික්‍ර­ම­සිංහ, සජිත් ප්‍රේම­දාස, නාමල් රාජ­පක්ෂ, රෝහිණී කවි­රත්න මහත්ම මහ­ත්මීන් ඇතුළු විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන්ගේ ඡායා­රූ­ප­ව­ලට ගිනි තබ­මින් සහ පොල් ගස­මින් විරෝ­ධ­තාව පළ කළ අයුරු ඡායා­රූ­ප­වල දැක්වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *