Latestදේශීය

ආන්ඩුවට බලය දුන්නේ අත්තනෝමතික තීන්දු ගන්න නෙමෙයි – දුමින්ද නාගමුව

නොවැම්බර් 14 දින ඇමරිකාව සහ ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය අද (17 ) දින පෙරවරුවේ නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

                  " මේ මාසේ 14 වෙනිදා ආණ්ඩුව ඇමරිකාව එක්ක ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම සම්බන්ධයෙන් අපිට බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙලා තියනවා. මෙතන යම් දෛවෝපගත සිදුවීමකුත් තියනවා. ඒ තමයි නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉල් විරු සමරුව පැවත්වුවා. මේ සමරුවේදී සිහිපත් කරන්නේ අධිරාජ්‍යවාද්‍යට සහ නවලිබරල් ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව සඨන් කරලා මිය ගිය සහෝදරයින්ව. ඒ සමරුව පවත්වලා පහුවෙනිදා තමයි ආණ්ඩුව මේ පාවාදීමේ ද්‍රෝහී ගිවිසුම අත්සන් කළේ. මේ ගිවිසුමට ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් තමයි අත්සන් කරලා තිබුණේ. ඒ වගේම ඇමරිකාව පැත්තෙන් ජූලි චන්ග් ඇතුළු පිරිසක් අත්සන් අත්සන් කළා.

                       දැනට වාර්තා වෙන විදිහට  ලංකාවේ වෙරළ ආරක්ෂාව, හමුදා පුහුණු වීම් වගේ කරුණු ප්‍රමාණයක් තමයි මේ ගිවිසුමේ අඩංගුව විදිහට තියෙන්නේ. නමුත් මේ ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් රටේ ජනතාවට හෙළිදරව් කරලා නෑ. මේක පළමු අවස්ථාවත් නෙවෙයි මේ ආණ්ඩුව බලයට ඇවිත් පසුගිය වසරක පමණ කාලය ඇතුළේ මෙවැනි වංචනික සහ යටිකූට්ටු ගිවිසුම් ගණනාවක් රටවල් එක්ක අත්සන් කළා. ඒ ගිවිසුම් ගැන අහනකොට ආණ්ඩුවේ නියෝජිතයෝ ආඳෝ වගේ ලිස්සලා යනවා. පසුගියා අප්‍රේල් 5 වෙනිදා ඉන්දියව එක්ක රහසිගත ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් හංගගෙන ඉන්න ගමන්ම ආණ්ඩුව දැන් ඒවගේ අඩංගුව ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ත්‍රීකුණාමලේට මන්නාරමට ගියාම අපිට දකින්න ලැබෙන්නේ මෙයට අදාළ සිදුවීම්. අහිංසක ගොවි සහ ධීවර ජනතාව තමන්ගේ වාසභූමි වලින් බලහත්කාරයෙන් එලවලා ඒ ඉඩම් ඉන්දියානු සමාගම්වලට දෙනවා. හැබැයි ඇහුවම කියන්නේ අපි එහෙම කරයිද ? අපි මේ රට පාවා දෙයිද වගේ ලිස්සලා යන කතා.
 
               අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මේ කතන්දර වලට රැවටි රැවටි ඉන්න එපා. දැන් මේ ආණ්ඩුව ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කළා. ජපානය එක්ක පසුගිය දවසක රහසිගත ගිවිසුමක් අත්සන් කළා. දැන් ඇමරිකාව එක්ක ආයෙම ගිවිසුමක් ගහනවා. පැහැදිලිවම මෙතන තියෙන්නේ ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාද්‍ය දෙසට තල්ලු වීමක්. මොකද ඇමරිකාව, ඉන්දියාව, සහ ජපානය කියන මේ රටවල් තුනම ඉන්නේ ක්වඩ් සම්මුතිය ඇතුලේ. කවඩ් එක කියන්නේ ආසියානු කලාපයේ භූ දේශපානලන බලයට ඉව අල්ලමින් ඉන්න යුද සංවිධානයක්. දැන් ඒ සංවිධානයට අයිති රටවල් තුනක් එක්ක අපි ගිවිසුම්වලට එළඹුනාට පස්සේ එහි ප්‍රතිවිපාක කොහොමත් අපිට අත් විඳින්න වෙනවා. ඒක වළක්වන්න බැහැ. 
                අපි දන්නවා ඉදිරියේදී ආසියානු කලාපයේ දැවැන්ත දේශපානලන ආර්ථික යුද්ධයක් ඇති වීමේ වැඩි අවදානමක් තියනවා. මොකද චීනය සහ ඉන්දියාව ආර්ථික බලවතුන් විදිහට නැගී එමින් ඉන්නේ. ඒක කඩා වැටෙමින් පවතින ඇමරිකානු ආර්ථිකයට විශාල තර්ජයනයක්. ඒ නිසා මේ බලගැටුම උග්‍ර වෙන වෙලාවක එහි කේන්ද්‍රස්ථානය විදිහට ආසියානු කලාපය භාවිතා වීම නවත්වන්න බැහැ. එහෙම වෙලාවක නොබැඳි ප්‍රතිපත්තියක ඉන්න එක තමයි ලංකාව වගේ රටකට හිතකර වෙන්නේ. අනිත් එක තමයි අධිරාජ්‍යවාදීන්ගේ සහ නවලිබර් ප්‍රාග්ධනයේ අපි ඉත්තෙක් විය යුතු නැහැ. නමුත් මේ ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ ඒ බලපොරය මැද්දට මුළු රටම ඇදගෙන යන එක.
 
                අපි මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා ඔබට මේ රටේ ජනතාව බලය දුන්නේ මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ ගන්න නෙවෙයි. දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ සදාකාලිකවම ඒගොල්ලන්ට මේ රටේ මිනිස්සු බලය දීලා කියලා හිතාගෙන. ඒ හින්දා තමයි මුළු රටම අවදානමේ දාන මේ විදිහේ මුග්ධ තීරණ ගන්නේ. එහෙන් මන්නාරමේ මුත්තු නගර්වල ඉඩම් විකුණනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන ටික කෑලි කරලා විකුණනවා. ජනතාව මත විශාල බදු බරක් පටවලා. දැන් මේ ඔක්කොම මැද්දේ අපිව ජාත්‍යන්තර මට්ටමේ ගැටුමක කොටස් කරුවෙක් බවට පත් කරන්නත් ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නවා. මේක ඉතාම බරපතළ තත්වයක්. ආණ්ඩුව වහාම මේ තක්කඩි යුද ගිවිසුම් ජනතාවට හෙළි කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ ගිවිසුම් සියල්ල වහාම අහෝසි කරන්න ඕන. එහෙම නොකළොත් මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා මේ රටේ සියලු ජනතාව ඒකරාශි කිරීමට අපි පැකිලෙන්නේ නැහැ.

           අනික් පැත්තෙන් විපක්ෂයත් එදා දවස ගෙවාගන්න සිල්ලර ප්‍රශ්න තමයි කර තියාගෙන යන්නේ. දැන් ආයෙමත් ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ සෙට් එක ජාතිවාදය වගේ සිදුවීම් කරතියාගෙන ඇවිත් උත්සහා කරනවා නැවත ජන මතය තමන්ගේ පැත්තට හරව ගන්න. ඒ නිසා ඒ උගුලට නොවැටී මේ රටේ සියලු ජනතාවට අපි කියනවා සැබෑ අරගලයක් වටා එකතුවෙන්න කියලා. ඒ සැබෑ අරගලය සටන තියෙන්නේ ඉන්දියානු සහ ඇමරිකානු බලපෑමට එරෙහිව, සැබෑ අරගලය තියෙන්නේ රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව, ආර්ථික පීඩනයට බදු බරට එරෙහිව තමයි සැබෑ සටන තියෙන්නේ. ඒ සඨන සඳහා අපි එක්ක එකතුවෙමු කියන ආරාධනාවත් අපි ජනතාවට ඉදිරිපත් කරනවා."
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *