Uncategorized

‘ප්‍රජා­ශක්ති‘ ජාතික ජන බල­වේ­ගය ශක්ති­මත් කිරී­මක් – සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුවේ ‘ප්‍රජා­ශක්ති‘ වැඩ­ස­ට­හන රටට ප්‍රති­ලා­භ­යක් ලබා­දීම නොව ජාතික ජන බල­වේ­ගය ශක්ති­මත් කිරී­මක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තුවේ දී පෙරේදා (15) ප්‍රකාශ කළේය.

විස­ර්ජන පනත් කෙටු­ම්පත (2026) අය – වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය. ජනා­ධි­පති, අග­මැති කාර්යා­ලය, උප­රි­මා­ධි­ක­ර­ණ­වල විනි­ශ්ච­ය­කා­ර­වරු, අමාත්‍ය මණ්ඩල කාර්යා­ලය, රාජ්‍ය සේවා කොමි­ෂන් සභා කාර්යා­ලය, අධි­ක­රණ සේවා කොමි­ෂන් සභාව, ජාතික පොලිස් කොමි­ෂන් සභාව, පරි­පා­ලන අභි­යා­චන විනි­ශ්චය අධි­කා­රිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව, මුදල් කොමි­ෂන් සභා කාර්යා­ලය ඇතුළු ආය­තන 25ක වැය ශීර්ෂ සම්බ­න්ධ­යෙන් මෙම විවා­දය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා,

ඡන්දය කාලයේ 16,600ක් ගුරු­ව­රුන්ට පත්වීම් දෙනවා කියලා ඡන්ද­යෙන් පස්සේ ඒක නොක­රන එකේ තර්කය කුමක්ද? ‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්‘ කියන ප්‍රති­ප­ත්තිය කියවා බලන්න. ඡන්ද­යෙන් දිනලා නොක­රන එකේ තර්කය කුමක්ද? මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ තිබෙන රැකියා විර­හිත උපා­ධා­ධා­රීන් 35,000කට රැකියා දෙනවා කිය­නවා. ගුරු­වරු 20,000ක් බඳවා ගන්නවා කිය­නවා. මේ ප්‍රත­ප­ත්තිය තුළ ඡන්දය දිනන්න මෙහෙම කියලා මේවා නොක­රන එකේ තර්කය කුමක්ද?

කාදි­නල් හිමි­යන්ගේ උපන් දිනය අදයි. අපි එතු­මාට සුබ පත­නවා! දීර්ඝා­යුෂ ප්‍රාර්ථනා කර­නවා! කරන සේවය ඉදි­රි­ය­ටත් කර­ගෙන යන්න ප්‍රාර්ථනා කර­නවා. එතු­මාට පොරොන්දු වුණා, පාස්කු ප්‍රහා­රයේ මහ මොළ­ක­රු­වන් අල්ල­නවා කියලා. නමුත් ඡන්දය ගත්තාට පස්සේ මහ මොළ­කරු අල්ලා තිබෙ­න­වාද? එහි තර්කය කුමක්ද?

ජන­තාව මුහුණ දෙන ගැටලු පිළි­බ­ඳව පාර්ලි­මේ­න්තුවේ දී අව­ධා­නය යොමු විය­යුතු වෙනවා. 52%ට වඩා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් විශාල සේවා­වක් කර­නවා. 2020 – 2022 කාල­යේදී ඔවුන්ගේ කර්මාන්ත 263,000ක් වැසී තිබෙ­නවා. 2023 – 2025 කාලයේ තවත් 150,000ක් ව්‍යව­සා­ය­ක­යන්ගේ ආය­තන වැසී තිබෙ­නවා.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *