Latestදේශීය

බහ­ලුම් නිද­හස් කිරී­මට කිසිම ඇමැ­ති­ව­ර­යෙක් සම්බන්ධ නෑ – නලින්ද ජයතිස්ස

කන්ටේ­නර් බහ­ලුම් 323ක් නිද­හස් කිරීමේ සිදු­වී­මට වත්මන් රජයේ අමා­ත්‍ය­ව­රුන් කිසිදු වර­දක් කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී 15 වැනිදා ප්‍රකාශ කළේය. එම බහ­ලුම් නිද­හස් කිරීමේ සිදු­වී­මට කිසි­යම් නිල­ධා­රි­යකු හෝ වර­දක් සිදු­කර තිබේ නම්, ඒ අයට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා මේ බව සඳ­හන් කළේ, මේ සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­රුන් වන අර්චුනා රාම­නා­දන්, මුජි­බර් රහු­මාන් සිදු කළ චෝද­නා­ව­ලට පිළි­තුරු දෙමිනි. කෙසේ වුව ද පාර්ලි­මේන්තු වර­ප්‍ර­සා­ද­ව­ලට මුවාවී පාර්ලි­මේ­න්තුවේ යම් යම් ප්‍රකාශ සිදු නොකර එවැනි චෝද­නා­වක් තිබේ නම් ඊට අවශ්‍ය පිය­වර ගන්නා ලෙසයි.

එමෙන්ම මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ගොනු කළ හැකි බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නොගොස් පාර්ලි­මේ­න්තුව තුළ කරුණු සඳ­හන් කිරී­මෙන් ඵලක් නොමැති බව අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *