වතු කම්කරුවෝ රනිල්,සජිත්,නාමල්ට විරෝධය පා වතුකරයේ උද්ඝෝෂණයක
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විරෝධය පෑමට එරෙහිව බගවන්තලාව, මස්කෙළිය සහ මාතලේ වතු කම්කරු ජනතාව විරෝධය දක්වමින් ඊයේ (16) උද්ඝෝෂණවල නිරත වූහ.
ඉතිහාසයේ කිසිදු දිනෙක උද්ඝෝෂණ සහ වැඩවර්ජන කරමින් තම වැටුප වැඩි කර නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට එක්වර රුපියල් 400ක වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවත් උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවෝ කියා සිටියහ. විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලනඥයන් සහ විපක්ෂයේ ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක නොහඳුනන බවත්, තමන්ගේ දුක දන්නා පාලකයන්ට ඉදිරියේදී තම පූර්ණ සහයෝගය දෙන බවත් උද්ඝෝෂණයේ නිරත වූ ජනතාව පැවසූහ.
බගවන්තලාව නගරයේදී මිනී පෙට්ටියක් රැගෙන වතු කම්කරුවන් උද්ඝෝෂණයෙහි නියැළුණු අතර, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, රෝහිණී කවිරත්න මහත්ම මහත්මීන් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන්ගේ ඡායාරූපවලට ගිනි තබමින් සහ පොල් ගසමින් විරෝධතාව පළ කළ අයුරු ඡායාරූපවල දැක්වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

