Latestවිදේශීය

ගාසා පිළිබද ට්‍රම්ප් ගේ සැලැස්මට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහාය

ගාසා තීරය සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් සැලැස්ම සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද යෝජනාවකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහාය ලැබී ඇත.

ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් (ISF) පිහිටුවීම මෙම සැලැස්මට ඇතුළත් වන අතර, අමෙරිකාව පවසන පරිදි නම් නොකළ රටවල් කිහිපයක් එයට දායක වීමට ඉදිරිපත් වී තිබේ.

ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම අධීක්ෂණය කරන සංක්‍රාන්ති අධිකාරියක් ලෙස සැලකෙන ට්‍රම්ප්ගේ සභාපතිත්වයෙන් යුත් සාම මණ්ඩලයට සාමාජික රටවලට සහභාගී විය හැකි බව යෝජනාවේ සඳහන් වේ.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ සෝමාලියාව ඇතුළු රටවල් 13 ක් යෝජනාවට සහාය දුන් අතර යෝජනාවට විරුද්ධව කිසිවෙකු ඡන්දය ප්‍රකාශ කර නැත. රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිට ඇතැයි වාර්තාවේ.

එය සම්මත කිරීම “සටන් විරාමය තහවුරු කිරීමේ වැදගත් පියවරක්” බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ නමුත් පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් සහ ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වන බව පවසමින් හමාස් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *