Latestදේශීය

පොලිස් නිලධාරීන්ට 7000ක දීමනාවක්

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය.

මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබා දීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ඒ නිලධාරීන්ට දීමනාවක් දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ අනුව පොලිස් නිලධාරියෙකු රුපියල් 7,000 බැගින් දීමනාවක් දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මිලයන 1,100ක් 2025 වර්ෂයට වෙන්කරලා තියෙනවා. ඒක ලබන සතියේ ඒ නිලධාරීන් වෙනුවෙන් අපි ගෙවනවා. එමෙන්ම නිලධාරීන්ගේ ක්‍රීඩා සපත්තු ඇඳුම් පැලඳුම් වෙනුවෙන් මුදලක් ඒ නිලධාරීන්ට ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒක ලබන සතියේ අපිට අනුමැතිය ලබාගන්න හැකියාව ඇතිවෙයි කියලා විශ්වාස කරනවා.” 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *