Latestදේශීය

බුද්ධ ප්‍රතිමාව ඉවත් කර එහි ආරක්ෂාව තහවුරු කළා – ආනන්ද විජේපාල

කිසියම් කඩාකප්පල්කාරී සිදුවීමක් වෙතැයි ලැබුණු තොරතුරක් අනුව ත්‍රිකුණාමලය නගරයේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ තැන්පත් කළ බුද්ධ ප්‍රතිමාව ඉන් ඉවත් කර එහි ආරක්ෂාව සහතික කළ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොලිසිය විසින් බුදුපිළිමය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ යම් සිද්ධියක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ තැන්පත් කරන ලද බුදුපිළිමයක් ගැන ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පොලිසියට ඒ ගැන වාර්තාවක් ලැබුණා. ඒ ගැන පොලිසිය ක්‍රියාත්මක වුණා. ඒ වාර්තාවේ සඳහන් වුණේ තැන්පත් කරන ලද බුදුපිළිමය සම්බන්ධයෙන් යම් කඩාකප්පල්කාරී සිදුවීමක්. ඒ පිළිමයට හානියක් කිරීමක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණා. ඒ අනුව පොලිසිය රාත්‍රියේ බුදුපිළිමය ඒ ස්ථානයෙන් ඉවත් කරලා ආරක්ෂාව සහතික කරලා තියෙනවා.

ඒ වගේම ඊයේ හදිසියේ සිදුවූ බුදුපිළිමය තැන්පත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමක් ගැනත් සිද්ධියක් මතු වුණා. අද අපි උපදෙස් දුන්නා ඒ පිළිමය නැවතත් එම ස්ථානයේ තැන්පත් කරන්න කියලා. මොකද අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. කලින් එතැන ආපනශාලාවක් පවත්වාගෙන යනවා. ඒක නීති විරෝධියි කියලා ඒ ගැන අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න පොලිසිය ක්‍රියාකරනවා.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *