යුක්‍රේනයට ප්‍රංශයෙන් ජෙට් යානා 100ක්
රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම වෙනුවෙන් යුක්‍රේනයට රෆාල් F4 ප්‍රහාරක ජෙට් යානා 100ක් ප්‍රධාන ගනුදෙනුවක් යටතේ ප්‍රංශය ලබා දීමට තීරණය කර ඇත.
ඒ අනුව යුක්‍රේනයට දියුණු ගුවන් ආරක්ෂක පද්ධති ද ලබාගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ.
පැරීසිය ආසන්න ගුවන් කඳවුරකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ අභිප්‍රාය ලිපියට අත්සන් කිරීමෙන් පසු යුක්ක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම පියවර “ඓතිහාසික” ලෙස ප්‍රශංසා කර තිබේ.
කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ මූල්‍ය තොරතුරු තවමත් සකස් කර නැති බවද සදහන් වේ.
මෙම රෆාල් F4 ප්‍රහාරක ජෙට් යානා සියල්ල 2035 වසර වන විට සම්පූර්ණයෙන්ම ලබා දීමට සැලසුම් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

