දුම්රිය දෙකක් පීලි පනී. දුම්රිය ධාවනය නානුඔය දක්වා පමණයි
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම හේතුවෙනි.
උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.
මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, ඊයේ දින උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ද ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලි පැනීමකට ලක්විය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

