Latestදේශීය

ජාතිවාදයට කිසිදු ඉඩක් දෙන්නේ නැහැ – නලින්ද ජයතිස්ස

ජාතිවාදය අවුස්සමින් ලේ වැගිරීම්වලට  නොයන ලෙසත් සාමය ආරක්ෂා කිරීමට රජය මැදිහත්වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ත්‍රිකුණාමළයේ ඇති වූ සිද්ධිය පදනම් කරගෙන කිසිසේත්ම තමන්ගේ සිහින දේශපාලන මාවත විවිර කරගැනීමට රජය ඉඩකඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ සිදුවීම පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන ගමන හදාගන්න බලාපොරොත්තු වෙන කණ්ඩායම් ඇති. එහෙත් රජය ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ සිදුවීම් වලින් එය පටන් අරගෙන දැවැන්ත ලේ වැගරීම් දක්වා යන අවස්ථා අප දැකලා තිබෙනවා. ආයේ ආයේ එහෙම සිදුවීම් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අධිකරණය නොවැම්බර් 26 වැනිදා කටයුතු කරනා ආකාරය ගැන රජය විදියට අපි බලාගෙන ඉන්නවා. .අපිට අලුතෙන් පාඩම් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉතිහාසයේ පාඩම් අපිට තිබෙනවා. එම පිළිම වහන්සේට යම් හානියක් උනානම් තත්ත්වය මීට වඩා බරපතල වෙනවා. කිසිඳු ප්‍රශ්නයක් නැතුව පිළිම වහන්සේ යළි වැඩමවල තිබෙනවා. ඉතිරි කටයුතු නීතිය අනුව අධිකරණයෙන් තීන්දු ලබාදෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *