Latestදේශීය

එක් පුද්ගලයෙක් අසංවර වූවාට ලංකාව සංචාරයට සුදුසු රටක් – සංචාරක තරුණිය

ත්‍රීරෝද රථයක තනිව සංචාරය කරමින් සිටිය දී, දැඩි අපහසුතාවයකට පත් වන අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දුන් නවසීලන්ත ජාතික තරුණිය, තමන් එසේ අපහසුතාවයට පත් කළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියටත් අදාල බලධාරීන්ටත් සිය ස්තුතිය පළකර තිබේ.

එක් පුද්ගලයෙකුගේ අශෝභන හැසිරීමකින් රටක් විනිශ්චය කළ නොහැකි බව පවසන මෙම විදේශීය තරුණිය, ලංකාව අසිරිමත් දිවයිනක් බවද පවසා තිබේ.

අදාල වීඩියෝව ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් සමහරු තමන්ට දොස් පවරන බවද ඇය පවසයි.

කෙසේ වෙතත්, තනිව සංචාරය කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන යතාර්ථය පිළිබදව අවබෝධයක් ලබා දීමට සහ ඒ පිළිබදව සංවාදයක් ගොඩ නැගීමට තමන්ට අවශ්‍යව තිබූ බව ඇය වැඩි දුරටත් පවසා තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *