Latestදේශීය

නාමල්ගේ අසාර්ථකභාවය මහින්දව අසරණ කරයි

පොදු විපක්ෂය යනුවෙන් හඳුන්වා ගනිමින් අද (21) නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැළියට අනුගාමිකයන් ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස ආගම්වාදය යොදා ගැනීමට දරන ලද ප්‍රයත්නය අසාර්ථක වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ගෙන්වා ගැනීම දක්වා පල්ලම් බැසීමට සිදු වී තිබේ.

මුලදී සඳහන් කර තිබුනේ එම රැළියට හිටපු ජනාධිපතිවරු සහභාගී කර නොගන්නා බව ය. එම ස්ථාරයේ සිටිමින් අනුගාමිකයන් ඒකරාශී කර ගැනීමට විවිධ පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා නාමල් රාජපක්ෂ ඍජුව ම සහභාගී විය. ඉන් පසුව, ත්‍රිකුණාමලය සම්බෝධි ජයන්ත්‍රි විහාරය මුල් කර ගනිමින් ආගමික නොසන්සුන්තාවක් පෙන්වා ජනතාව ගෙන්වා ගැනීමට රාජපක්ෂ නිකාය යනුවෙන් හඳුන්වා ගන්නා භික්ෂුන් වහන්සේ පිරිසක් සහ ගිහියන් පිරිසක් දරන ලද ප්‍රයත්නයට සාතිශය බහුතරයක් ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය.

ඉන්පසුව, මහින්ද රාජපක්ෂ එම රැලියට සහභාගී වන බව ප්‍රකාශ කිරීම දක්වා සියලු සැලසුම් බිඳ වැටී තිබිණි. මේ තනිකරම නාමල් රාජපක්ෂගේ නන්නත්තාර වීම තහවුරු කරන්නක් බව විචාරකයන්ගේ මතයයි.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *