Latestදේශීය

සංවිධානාත්මක අපරාධකරුවන් 80කට රතු නිවේදන – ආනන්ද විජේපාල

තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 80කට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමග මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30වන දිනෙන් පසුව T56 ගිනි අවි 07ක්, T81 ගිනි අවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක්ද සොයාගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල වැඩි දුරටත් සඳහන් කළේය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *