Latestදේශීය

රනිල් ඉන්දියාවට යයි

හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරීවරයා ද සනාථ කළේය .

ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටින්නීය.

මෙම ගුවන් ගමන සදහා ඔවුන් අද අලුයම් කාලයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

ඔවුන් අද දින උදෑසන 08.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *