Latestදේශීය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ රැස්කළ වැඩිම බදු ආදායම මෙයයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ රැස් කර ඇති අතර එය රුපියල් බිලියන 2,002ක් පමණ වේ.

පසුගිය වසරේ එය රුපියල් බිලියන 1,942ක් වූ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය වසරට වඩා රුපියල් මිලියන 60,079ක් බදු ආදායම් ලබා තිබේ.

පවතින ආර්ථික තත්වයට අනුගත වෙමින් බදු ගෙවීමට සහයෝගය දුන් රාජ්‍ය සහ පුද්ගලික අංශය සහ මහජනතාව ඇතුළු සියලුම පාර්ශවයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ස්තුතිය පළ කරයි.

සරල කරන ලද තනි පුද්ගල ආදයම් බදු වාර්තාව ඔන්ලයින් ක්‍රමයට ලබා දීම සඳහා උපකාරක සේවා සැපයීමටද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *