Latestදේශීය

21ට අපි නැහැ, සජබ විරෝධය ජනවාරියේ – හෙක්ටර් අප්පුහාමි

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධව සමගි ජන බලවේගය වැඩපිළිවෙළක් දියත් කරන්නේ ලබන ජනවාරියේ සිට බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න සමගි ජන බලවේගයට ක්‍රමවේදයක් සහ කාල සටහනක් තිබෙනවා. ඒ අනුවයි සමගි ජන බලවේගය කටයුතු කරන්නේ. සමගි ජන බලවේගය ජනවාරියෙන් පසුව සිදුකරන වැඩපිළිවෙළ ඉදිරියේදී දැනුම් දෙන්නම්. ඒ වගේම රට හදන ආකාරය පිළිබඳව සමගි ජන බලවේගය අධ්‍යයනයක නිරත වෙනවා.

පසුගිය ආණ්ඩු සහ වර්තමාන ආණ්ඩුව වරද්දාගත්ත තැන් සමගි ජන බලවේගය හඳුනාගෙන තිබෙනවා. රටට ආයෝජකයන් ගෙන ඒම, ජනතාව බදු බරින් මුදා ගැනීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කරන ආකාරය සමගි ජන බලවේගය නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඉදිරියේදී රටේ වගකීම භාර ගන්නේ සමගි ජන බලවේගයයි. රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ තිබෙන්නේ සමගි ජන බලවේගය සතුවයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *