නිදන් වස්තු කෝටි 50කට විකුණන්න හැදූ 8ක් අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත පසුගිය 20වැනිදා ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමඟ එක්ව පාලෙයිපෙරුමාල්කඩ්ඩු, වට්ටකණ්ඩාල් ප්‍රදේශයේ නිවසක් වටලා රාවණා ගල ලෙස හැඳින්වෙන, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නිදන් වස්තුවක් ඉන්දියානු ජාතිකයෙකු හට රුපියල් කෝටි 50 කට අළෙවි කිරීමට සුදානම් කරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී මෝටර් රථ 02 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය පිළිබද ඉදිරි විමර්ශන මන්නාරම පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

