Latestදේශීය

හේමසිරිට, පූජිතට එරෙහි නඩුව ජනවාරි 26

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජනවාරි මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් මෙම නඩුවට මෙතෙක් විනිසුරු මඬුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන්, එහි විභාගය ජනවාරි මස 26 වැනිදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විසින් නිවේදනය කර ඇති බවයි සඳහන් වේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මීට පෙර නියෝග කර තිබිණි.

එම තීන්දුවට එරෙහිව නීතිපති විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුව ඉවත දමමින්, අදාළ නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව තීන්දුවක් ලබාදෙන ලෙස එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට නියෝග කර තිබිණ.

ඒ අනුව, මෙම නඩුව යළි විභාගය සඳහා කැඳවා තිබෙන අතර එය යළි ජනවාරි මස 26 වැනිදා කැඳවීමට නියමිතය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *