Latestදේශීය

අධිකරණ නිළධාරියෙක් අත්අඩංගුවට

ගාල්ල, උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාකරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ පාර්ශ්වකාරියකට අදාළ සිතාසියක් නීත්‍යානුකූල නොවන ලෙස භාර දෙමින් එම සිතාසියේ සඳහන් නඩු දිනය කල් දමා දෙන බවට පොරොන්දු වී ඇත.

අදාළ කාර්ය සඳහා සැකකරු එම කාන්තාවගෙන් රුපියල් 3,500ක අල්ලසක් ඉල්ලා ඇති අතර එම අල්ලස් මුදල් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *