Latestවිදේශීය

දරුවන් දෙදෙනා ඝාතනය කළ මවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි අධිකරණයක් මඟින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හකියුං ලී නැමති අදාළ කාන්තාව සිය සැමියා පිළිකා රෝගයකින් මිය ගොස් මාස කිහිපයකට පසු මෙලෙස තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව සඳහන් වෙයි.

ඝාතනයට ලක්ව ඇත්තේ අට හැවිරිදි ‘යූනා ජෝ’ සහ හය හැවිරිදි ‘මිනු ජෝගේ’ යන දරුවන් දෙදෙනා බව විදෙස් වාර්තා වැඩිදුර පවසයි.

45 හැවිරිදි අදාළ කාන්තාව අධිකරණය හමුවේ පවසා ඇත්තේ, 2018 දී සිය සැමියා මිය ගිය වහාම උමතු බවින් තමා මෙම ඝාතන සිදුකළ බවය.

ඝාතන සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේදී වැරදිකරු වූ හකියුං ලී, සමාව ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර 17ක් සිරදඬුවම් විඳිය යුතු බව එරට අධිකරණ ප්‍රකාශ කර තිබේ.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *