කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවලවල්වල ඇත්ත හෙළිකරන්න – නුවන් බෝපගේ
කොළඹ වරාය පරිච්ඡේදයෙන් හමු වූ සමූහ මිනීවලවල සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ජන අරගල සන්ධානය පසුගිය දා ( 24 ) අධිකරණ අමාත්‍යංශයට යන ලදී.
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතීඥ නුවන් බෝපගේ.
” කොළඹ වරාය පරිශ්‍රයේ සිදුකරපු කැණීම්වලදී සමූහ මිනීවලවලක සාධක හමුවෙලා තියනවා. අපි අද ජන අරගල සන්ධානය විදිහට අධිකරණ අමාත්‍යංශයට ආවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රමාණයක් විමසා බලන්න. අපි දන්නවා මැතිවරණ කාලෙට මේ වගේ සමූහ මිනීවලවල් ගැන, අතුරදන් වූවන් ගැන මැතිවරණ වේදිකා දෙවනත් වෙනකල් කතාවෙනවා. නමුත් මැතිවරණ අවසන් වුනාට පස්සේ නැවත ඒ ගැන කතාබහක් ඇති වෙන්නෙ නැහැ. ඒවට අදාළ ක්‍රියාමාර්ගයක් ගැනෙන්නෙත් නැහැ.
ලංකාව කියන්නේ දශක තුනකට වැඩි යුද්ධයක් තිබුණු රටක්. ඒ වගේම 71 සහ 88 – 89 කාලේ ජනතාවට එරෙහිව දැවැන්ත රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වුණා. පසුගිය කාලෙ පුරාවටම පැහැරගැනීම්, ඝාතන, අතුරදන් කිරීම් විශාල ප්‍රමාණයක් වෙලා තියනවා. උතුරේ විතරක් අතුරදන් වීම් සම්බන්ධ පැමිණිලි 12,000කට වැඩියි. අන්න ඒ නිසයි මේ කොළඹ වරාය අසල සමූහ මිනීවලවල ගැන තොරතුරු හෙළිදරව් කරගත යුත්තේ.
මේ වරාය පරිශ්‍රය තුළ හමුවෙන ඇටසැකිලිවල සැබෑ අයිතිකරුවන් කවුද ? ඔවුන්ව ඝාතනය වුනේ කොහොමද ? සහ ඒ ඝාතනවලට වගකියන්න ඕන කවුද ? කියන කාරණාවලට අපිට ඉක්මනින් උත්තර අවශ්‍යයි. මේ ඝාතන සහ අපරාධ පොළොවට පස්වෙලා යන්න ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. මොකද මේ මැරිලා ඉන්නේ අපේම මිනිස්සු. ඒ නිසා ඔවුන්ට අනිවාරෙන් යුක්තිය ඉටුවෙන්න ඕන.
විශේෂයෙන්ම මේ ආණ්ඩුවටත් බරපතළ වගකීමක් තියනවා මේවා ගැන හොයලා බලන්න. මොකද 71 සහ 88 – 89 කාලේ ජනතාවිමුක්ති පෙරමුණේ සහෝදරවරු විශාල ප්‍රමාණයක් අතුරදන් වුණා සහ ඝාතනය වුනා. ඒ සහෝදරවරුන්ගේ ඝාතනවලට වගකිවයුතු අය තවමත් නිදැල්ලේ ඉන්නවා. අපිට බරපතළ සැකයක් තියනවා මේ කොළඹ වරාය ආශ්රිත සමූහ මිනිවල ඒ යුගයට සම්බන්ධ අපරාධවල සාක්ෂිද කියලා. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියනවා වහාම මේ ගැන පුළුල් විමර්ශනයක් කරලා රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන්න කියලා. “

