Latestදේශීය

නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය සුවිශේෂී මෙහෙයුමකට සැරසෙයි

සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බලකායත් සුවිශේෂ මෙහෙයුම් වෙනුවෙන් සංවිධානය කෙරෙමින් පවතී.

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ ආරක්ෂක දැලක් එලීම සඳහා ජපාන රජයේ මූල්‍යමය සහ තාක්ෂණික සේවා සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 2024 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන ඉන්දු පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සහ සාගර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජපන් රජයෙන් එම ආධාර පිරිනැමේ.

එයට අමතරව, පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් CV125 වර්ගයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. මුළු රටම ආවරණය වන පරිදි විශේෂ කාර්ය බලකා කඳවුරු 76ක් විශේෂ මෙහෙයුම් ඒකක 14ක් සහ උප කඳවුරු 23ක් වෙනුවෙන් ත්‍රි රෝද රථ සහ යතුරුපැදි ලබා දී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *