Latestදේශීය

අයහපත් කාලගුණයෙන් 56ක් මියයයි

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු මේවන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත්, 21 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

නොනවතින වර්ෂාව සහ තද සුළං හේතුවෙන් දිවයින පුරා දැඩි විනාශයක්, පවුල් අවතැන් වීමක් සහ නිවාස සහ ව්‍යාපාරවලට හානි සිදුවී ඇත. රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.

අද(28) උදෑසන 5.00වන විට තත්ත්වයේ සංඛ්‍යාත්මක විස්තර මෙසේය:

මරණ සංඛ්‍යාව: 56
අතුරුදන් වූ පිරිස්: 21
තුවාල වූ පිරිස : 14
බලපෑමට ලක්වූ පවුල් සහ පුද්ගලයන්:

පවුල්: 12,313
පුද්ගලයන්: 43,991


නිවාස හානි:

සම්පූර්ණ විනාශ වූ නිවෙස්: 4
අර්ධ වශයෙන් හානි වූ නිවෙස්: 666

ආරක්ෂිත ප්‍රදේශයන්හි සිටින අය:පවුල්: 12
පුද්ගලයන්: 3,684

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *