Latestදේශීය

හදිසි ආපදා සදහා 117 අමතන්න

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගං වතුර , තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතම් ප්‍රදේශවල මහජනතාවට ඉවත්වීමේ නිවේදනද නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සියලු හදිසි ආපදා පිළිබඳව දැනුම්දීම සඳහා 117 හඳුන්වා දී ඇති අතර, Tell the govener විශේෂ මෙහෙයුම් මැදිරිය“පොලිස් සහ ගුවන් හමුදා මෙහෙයවීම් යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.‍

උද්ගත වී ඇති මෙම හදිසි තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවද පොලීසියි වැඩිදුරටත් සඳහන් කරයි.

එම දුරකථන අංක පහත දැක් වේ.

011 2013051

011 2027148

011 2027149

011 2472757

011 2430912

ඒ අනුව , ඉහත අංක සහ  watsapp 0705777771 අංක පැය 24 පුරාම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *