Latestදේශීය

බස් රථයේ මගීන් 68දෙනා බේරාගනී

පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 68 දෙනාම බේරා ගෙන තිබේ.

මෙලෙස, බේරාගෙන රෝහල් ගතකළ එක් අයෙකු මියගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව සඳහන්ය.

එමෙන්ම, මහනුවර අලවතුගොඩ අංකුඹුර මාර්ගයේ රඹුක්ඇල ප්‍රදේශයේ දරුණු නායයෑමක් වාර්තා වී තිබෙනවා.

මෙම ස්ථානයේ ජීවත්වූ පවුල් 50ක් පමණ අතුරුදන් බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ ඇතිවූ ආපදා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පොළ දිස්ත්‍රික්කයට බවයි.

එහි පවුල් 23, 634කට අයත් පුද්ගලයින් 87,977 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ, ආපදා මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු යොදාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *