Latestදේශීයවිදේශීය

ඉන්දියාව අසල්වැසියාව බලාගන්නවා – මෝදි කියයි

ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය සහ මහාසාගර් දැක්ම අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වන මෙම මොහොතේ තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්ව රැඳී සිටින බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

එසේම ඉන්දියාවේ සාගර් බන්ධු මෙහෙයුම යටතේ වහාම සහනාධාර සහ අත්‍යාවශ්‍ය මානුෂීය සහය සහ ආපදා සහන ලබා දී ඇති බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවත් සහය සහ උපකාර ඉදිරියේදී ද ලබා දීමට සූදානම් බව එම සටහනේ දක්වා තිබේ.
තවද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලංකාවේ ජනතාවට සිය හෘදයාංගම සංවේගය පළ කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විපතට පත් සියලු පවුල්වල සුරක්ෂිතභාවය, සුව පහසුව සඳහා මෙන්ම ඔවුන් කඩිනමින් යථා තත්ත්වයට පත් වන ලෙස ප්‍රාර්ථනා එක් කරන බවද සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *