රඹුක්ඇළ ගමක් නායයයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්රදේශයේ නායයෑම සිදුව ඇති බවය.
නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
එම ගම්මානයේ සිටි පවුල් 800ක් පමණ පදිංචිව සිට ඇති අතර මේ වනවිට විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ.
මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැති බව අප වාර්තාකරු සඳහන් කළේය.
අලවත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

