Latestදේශීය

ඉන්දීය ආධාර සහ ගලවාගැනීමේ කණ්ඩායම් ලංකාවට

ඉන්දියානු රජය සහ ජනතාවගෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළඟා විය.

ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය බාර ගන්නා ලදී.

ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

තවද ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් ද අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් වේ.

මේ අතරට සුනඛයින් සිව්දෙනෙකුට ඇතුළත්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *