Latestදේශීය

ඉන් අනතුරුව “දිට්වා” ඉන්දියාවට යයි

“දිට්වා” සුළි කුණා­ටුවේ බල­පෑ­මෙන් ශ්‍රී ලංකා­වට පසු­ගිය දින කිහි­පයේ ඇති වූ ගංව­තුර හා නාය­යෑම් නිසා මේ වන පුද්ග­ල­යන් 334ක් මිය­ගොස් තවත් 370 දෙනෙක් අතු­රු­දන් වී තිබේ.

මෑත ඉති­හා­සයේ මෙර­ටට ඇද­හැ­ලුණු වැඩිම වර්ෂා­ප­ත­නය ලෙස ගැනෙන ඉකුත් දින කිහි­පයේ පැවැති වර්ෂා­ප­තන තත්ත්වය හමුවේ පවුල් 309,607ක පුද්ග­ල­යන් ලක්ෂ 11කට අධික පිරි­සක් ආප­දා­වට ලක්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කරයි.

ආප­දාව හේතු­වෙන් සුර­ක්ෂිත මධ්‍ය­ස්ථාන 1,494ක් ශ්‍රී ලංකාව පුරාම ආප­දා­වට ලක්වූ ජන­තාව වෙනු­වෙන් සේවා­වන් සප­යන අතර පවුල් 55,747ක් පුද්ග­ලයෝ 196,790ක් මෙම සුර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­වල රැඳී සිටිති.

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් වැඩිම බල­පෑම එල්ල වී ඇත්තේ මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යට වන අතර එම දිස්ත්‍රි­ක්කයේ පුද්ග­ල­යන් 52ක් මිය­ගොස් පුද්ග­ල­යන් 105ක් අතු­රු­දන්ව ඇත.

බදුල්ල දිස්ත්‍රි­ක්කයේ පුද්ග­ල­යන් 52ක් මිය­ගොස් 42 දෙනකු අතු­රු­දන්ව තිබේ. ත්‍රිවිධ හමු­දාවේ පොලී­සියේ හා ආපදා කළ­ම­නා­ක­රණ අංශ­වල මැදි­හත් වීමෙන් විප­තට පත්වූ­වන් මුදා ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙ­යුම් ක්‍රියා­ත්මක වේ.

වර්ෂාව අඩු වුවත් කැලණි ගඟේ හංවැල්ල ජල මිනුම් මාප­කය අඩි 10.9කට ආස­න්නයේ පව­තින අතර මේ නිසා හංවැ­ල්ලට පහළ ඇති ප්‍රදේ­ශ­වල තව­දු­ර­ටත් ජල මට්ටම ඉහළ යෑමේ අව­දා­න­මක් පව­තින බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංව­තුර අන­තුරු ඇඟ­වීමේ රතු නිවේ­ද­නය හෙට (02) දින පස්ව­රුව දක්වා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව විසින් දීර්ඝ කරන ලදි.

කඳු­ක­රය ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක නාය­යෑම් සිද්ධීන් රැසක් වාර්තා වන අතර සොර­ණා­තොට, වැලි­මඩ, අල­ව­තු­ගොඩ, නිල්අඹේ, කැප්පෙ­ටි­පොළ, බණ්ඩා­ර­වෙල, මාතැ­ටිල්ල, බුල­ත්කො­හු­පි­ටිය, දේදු­ගල, හස­ලක, පමු­ණු­පුර ඇතුළු ප්‍රදේශ රැසක ගම් පිටින් නාය යෑමේ සිද්ධීන් වාර්තා වේ.

සුළි කුණාටු තත්ත්ව­යක් හෙට අනිද්දා නැවත ශ්‍රී ලංකා­වට එන බවට වන ප්‍රචාර පිළි­බඳ විමසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් කාර්ය­යයේ නියුතු කාල­ගුණ විද්‍යා කසුන් පැස්කු­වල් මහතා ප්‍රකාශ කළේ, ක්ෂණිකව සුළි කුණාටු ඇති නොවන බවත් ඒ සඳහා පිය­වර ගණ­නා­වක් පසු­කළ යුතු බවත්ය. ඉදිරි සතිය තුළ එවැ­න්නක් දැකිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙම පද්ධ­තිය උතුරු දෙසට ගම­න්කර ඉන්දි­යාවේ තමි­ල්නාඩු වෙරළ තීර­යට සමා­න්ත­රව ගමන් කරනු ඇතැයි බලා­පො­රොත්තු වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *