Latestදේශීය

ගුවන් නියමුවෙක් ජීවිතක්ෂයට, නාවික හමුදා සෙබලු 05ක් අතුරුදන්

විපතට පත් පුද්ග­ල­යන් බේරා ගැනීමේ කටයුතුවල යෙදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලි­කො­ප්ටර් යාන­යක් හලා­වත, ලුණු­විල, වෙන්න­ප්පුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (30) අන­තු­ර­කට පත්ව ඇත. එම යානය ගිංඔ­යට කඩා වැටී ඇති අතර, අන­තු­රින් හෙලි­කො­ප්ටර් යාන­යෙහි සිටි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර සෙසු පිරිස තුවාල ලබා තිබේ.

ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට ගුවන් හමුදාව විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.

ලුණුවිල, ගිංඔයට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණේ ඒ අතරතුරදී ය.

එම අවස්ථාවේදී ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට ගුවන් හමුදා නිලධාරීන් උත්සහ දරා ඇත්තේ ආරක්ෂිත ගොඩබැස්වීමකට සූදානම් වෙමිනි.

කෙසේවෙතත් පාලම මත ජනතාව රැඳී සිටීමත් සමඟ එය ව්‍යර්ථ වූ අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර විප­තට පත් පුද්ග­ල­යන් මුදා ගැනීමේ මෙහෙ­යුමේ නිර­තව සිටින නාවික හමුදා රණ­වි­රු­වන් පස්දෙ­නකු අතු­රු­දන්වී ඇත. චුන්ඩි­කු­ලම් ප්‍රදේ­ශයේ කලපු මෝය පුළුල් කිරී­මට සිදු කරන මෙහෙ­යුම අත­ර­තුර නාවික හමුදා රණ­වි­රු­වන් මෙලෙස අතු­රු­දන්වී තිබේ. ඔවුන් සොයා ගැනී­මට නාවික හමු­දාව සෝදිසි මෙහෙ­යු­මක් ආරම්භ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *