අද සිට ගංවතුර හෙමින් බැසයයි
අධි අවදානම් ගංවතුර ආපදා තත්ත්වය තරමක් ලිහිල් කරමින් අද (01) සිට ප්‍රධාන ගංගාවල ජලය බැස යෑම ආරම්භ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසීය.
මින් ඉදිරියට හංවැල්ල සහ නාගලගංවීදියේ ජල මට්ටම් විශාල ප්‍රමාණයකින් වැඩි නොවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගඟේ ජල මට්ටම් ඉතාම සෙමින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා ඊයේ (30) ‘දිනමිණ’ට කීවේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අද පෙරවරුව වනවිට ප්‍රධාන ගංගාවල බැස්ම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. හංවැල්ල ජල මාපකය ඊයේ (30) උපරිම මට්ටමට ළඟාවී බැස්ම ආරම්භ වුණා. නාගලගංවීදිය ජල මාපකය ද අද පෙරවරුව වන විට උපරිම මට්ටමට පැමිණෙතැයි අපේක්ෂා කෙරෙනවා. අනතුරුව ජල බැස්ම ආරම්භ වෙනවා.
මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශවල ජලය අඩුවෙමින් තිබෙනවා. නමුත් උපරිම මට්ටම් පහළට තල්ලු වී යෑමක් දක්නට ලැබෙනවා. ඉතාම බාධක මැද ජල බැස්ම සිදු වන නිසා කාලය පිළිබඳ ගැටලු මතු වෙනවා. ගඟේ ජලය අඩු වෙන ප්‍රමාණය මත ජල බැස්මේ කාලය තීරණය වෙනවා. තවත් සතියක් යනතුරු ගංගාවල ජල මට්ටම ඉහළ තත්ත්වයක පැවතිය හැකියි.
මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට වර්ෂාපතනය ලැබෙමින් පවතින නිසා තවදුරටත් සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
@දිනමිණ

