ගංගා සියල්ල පිටාර ගලයි
ධාරාණිපාත වර්ෂාවත් සමග මෙරට සියලුම ගංගා මේ වන විට අධි ගංවතුර තත්ත්වයක් බවට පත්ව ඇති බැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක ඉංජිනේරු එල්. එච්. සූරියබණ්ඩාර මහතා පවසයි.
මෑත කාලයේ ඇතිවූ වැඩිම ගංවතුර තත්ත්වය මෙය බව සඳහන් කළ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂවරයා මෙරට ගංගා ද්‍රෝණි 103 තුළම ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව ද පෙන්වාදෙයි. මිලිමීටර් 300,200, ආදි වශයෙන් වර්ෂාව පතිත වීම නිසා ගංගාවන් පිරී ඉතිරී ගොස් ජලය ගලායෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති නිසා සියලුම පහත්බිම් මේ වන විට ජලයෙන් යට වී ඇති බව ද සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

