පලා කොළය, බත් ඇටය, වතුර බින්දුව පවා ආරක්ෂා කර ගන්න
ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ ඉන්ධන අතිශය ප්‍රවේසම්කාරි ලෙස බිඳකුදු අපතේ නොදමා පරිහරණය කළ යුතුව ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් භයානක මව්යසනය වූ සුනාමි අනතුරට පවා ඔරොත්තුදීමේ හැකියාව තිබුණ ද, මේ වනවිට මුළු රටම දැඩිව්යසනකාරී තත්වයකට මුහුණ දී තිබේ. එම තත්වය හමුවේ පලා කොළයක්, බත් ඇටයක් හෝ පානීය ජල බිඳුවක් හෝ අපතේ නොදමා අරපරිස්සමින් පාවිච්චි කළ යුතු අතර, පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධනද ඒ ආකාරයෙන්ම අරපරිස්සමින් පාවිච්චි කළ යුතු බව මුළු රටම ආවරණය වන පරිදි ලැබෙන තොරතුරුවලින් තහවුරු වීතිබේ.
එළවළු වගා කරන ප්‍රදේශ, වී වගා කරන ප්‍රදේශ සහ කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු වගා කරන ප්‍රදේශ මෙන්ම පොල් ත්‍රිකෝණය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා කෙරෙන භූමි සියල්ලද මේ මහා ව්‍යසනයේ ගොදුරු බවට පත්ව තිබේ. ව්‍යසනයට ගොදුරු නොවූ ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාවද මුළුමනින්ම බිඳවැටී ඇත. මෙම සමස්ත තත්වය හමුවේ ශ්‍රී ලාංකික ජනතාව ඉතාමත් වගකීමෙන් කටයුතුකිරීම මූලිකම කාර්යභාරය වී ඇති බව විවිධ විශ්ලේෂකයෝ පෙන්වා දීඇත.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

