Latestදේශීය

මාවිල්ආරු වැව් බැම්ම බිදීයයි – සිරවූ පුද්ගලයින් 121ක් මුදාගනී.

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිර වූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් මෙහෙයුම් මගින් මේ වන විට පුද්ගලයන් 121කගේ ජීවිත බේරා ගෙන තිබේ.

මාවිල්ආරු මුදාගැනීම් මෙහයුම් සදහා යොදවා තිබූ ගුවන් හමුදාවට අයත් Bell – 412 හෙලිකොප්ටර් යානයක් සහ MI -17 හෙලිකොප්ටර් යානයක් මගින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මුදා ගැනුණු ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇත.

ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 4ක් මාවිල්ආරු තත්ත්වය නිරීක්ෂණයට සහ මුදාගැනීම් සඳහා යොදවා තිබෙන බව සඳහන්ය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *