සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි
අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය. පවතින ආපාදාතත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, අදාල විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්තුමිය සඳහන් කළාය.
විදුලිය බිඳවැට්ම් සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මෙම පුවත නිසි පරිදි සන්නිවේදනය නොවිමෙන් විභාගය සම්බන්ධයෙන් විමසීම සඳහා ලබා දී ඇති දුරකතන අංක 1911 වෙත විභාග පිළිබඳ විමසීම් අති විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් මේ පිළිබඳ ඔබ මාධ්‍ය ආයතනයේ/ වෙබ් අඩවියේ/ සමාජ මාධ්‍ය තුළ පළ කර පුළුල් ප්‍රචාරයක් නිරන්තරයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

