එළවළු මිළ සීග්‍රයෙන් ඉහළට – කළුකඩ ව්‍යාපාර මාෆියාව ද ක්‍රියාත්මකයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව කැරට් කිලෝ එකක් රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා මිලකට අලෙවි වී ඇත.
බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව වාර්තා වේ.
රුපියල් 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකක මිල ද රුපියල් 100ත් 130 අතර මිලකට දඹුල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වී ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කළේ වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම මෙසේ මිල ගණන් ඉහළ යාමට බලපා ඇති බවයි.
මේ අතර ඇතැම් ස්ථානවල කැරට් කිලෝවක මිල රුපියල් හාරදහස වැනි ඉහළ මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල් තුන්දහස් දෙසීයක් වැනි මිලක් දක්වාත් ඉහල දමා තිබේ.
වෙළඳුන් සඳහන් කරන්නේ ආපදාවෙන් පසු එළවළු සැපයීම ඉතා විශාල ලෙස පහත බැස ඇති බවය.
මේ අතර වැඩි මිළට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාන්ඩ අලෙවි කරන වෙළෙන්දන් වැටලීම සදහා පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

