Latestදේශීය

හැටන් කොළඹ මාර්ගය විවෘතයි

පැවති අයහපත් කාළගුණයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකදී පස් කදු කඩා වැටීම හේතුවෙන් (27) දින සිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

හැටන් ශැනන් වත්ත, වටවල, රොසැල්ල, පොල්පිටිය සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද දහවල් දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

එම මාර්ගයට කඩා වැටුණු පස් කපා ඉවත් කර, එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (01)  පස්වරු 2:30 සිට එක් මන්තිරුවකට සීමා කර විවෘත කරනු ලැබීය.

හැටන් කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ එම මාර්ගය යථා තත්වයට පත් කිරිමමට මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයත්, පෞද්ගලික අංශයේත් සහයෝගය ලැබුණ බවයි.

එම සහයෝගය මත විවෘත කෙරුණු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙන් කොළඹටත්, නාවලපිටිය දක්වාත්, ගමන් කිරිමට හැකි බවත්, එම මාර්ගයේ අවධානම් සහිත ස්ථානවලදි සැලකිලිමත්ව සෙමින් රිය ධාවනය කරන ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *