Latestදේශීය

රුසියාව ශ්‍රී ලංකාව සමගයි – පුටින් අනුරට කියයි

ශ්‍රී ලංකාව පුරා ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය පළකර තිබේ.

සිය පණිවිඩයේ දී, මිනිස් ජීවිත හානි සහ පුළුල් ලෙස සිදු වූ හානි පිළිබඳව ජනාධිපති පුටින් ශෝකය පළකරමින්, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බව සඳහන් කර ඇත.

මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය සහ සහයෝගය ලබාදෙන ලෙසත්, තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසත් රුසියානු ජනාධිපතිවරයා, ජනාධිපති දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතකින් පසුව ශ්‍රී ලංකාව මහාපරිමාණ ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන අතරතුර රුසියානු ජනාධිපතිවරයාගේ මෙම පණිවිඩය පැමිණ ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *