නිහාල් ප්‍රනාන්දු දිවි සැරිය නිමකරයි
ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ.
මිය යන විට ඔහු 71වැනි වියේ පසු විය.
ඔහු වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වශයෙන් ක්ෂේත්‍රයට මතක රැසක් තිළිණ කර තිබේ.
සයිමන් නවගත්තේගමගේ “ස්ත්‍රී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු “සුබ සහ යස”, “සුදු සහ කළු”, “ඒකාධිපති”, “පණ්ඩුකාභය”, “අංගාරා ගඟ ගළා බසී” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.
“අඹරාවක්”, “උඩුගංබලා”, “නේරංජනා”, “අන්තඃස්වරය”, “වංශක්කාරයෝ”, “කුලැත්තියෝ” සහ “අක්වැස්ස” වැනි ටෙලිනාට්‍යවල තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළේය.
එමෙන්ම “කඩවර”, “රන්තාලිය වලව්ව”, “තෙත් සහ වියලි”, “ගෞතමී”, “පින්න හරි සැරයි”, “හැන්ඳෑවක්”, “බොරදිය කඳුර”, “තරු කැට අහුරක්” වැනි ටෙලි රැසකට රංගන දායකත්වය ලබා දී ඇත.
“විරාගය” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු “උමයංගණා”, “සුදු සෙවනැළි” යන චිත්‍රපටවල රංගනයෙන් දායක විය.
මේ අනුව, වසර ගණනාවක් පුරා මෙරට කලාවට දායක වූ නිහාල් ප්‍රනාන්දු මහතා පසුගිය දින කිහිපය තුළ රෝගාතුරව සිටියේය.
ඔහුගේ දේහය අද (04) සවස 7.00 සිට රාජගිරියේ ද ලාස්ට් ඔනර් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබෙන අතර, ආදාහනය හෙට (05) සවස 5.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

