හදිසි නීතිය තදින්ම ක්‍රියාත්ම කරන්න – සුනිල් වටගල කියයි
රටේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියේ කිහිපදෙනකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාම පහත් අයුරින් මඩ ප්‍රහාර එල්ල කරන බවත්, එයට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
අද සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට එල්ල කර ඇති ප්‍රහාර මනුෂ්‍යයෙක් හැටියට දරාගන්නත් බැහැ යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා පොලිසියේ උසස් නිලධාරීන් සමග පෙරේදා (02දා) පැවති සාකච්ඡාවකදී පැවසීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
ජනාධිපතිවරයාට සහ තෝරාගත් දේශපාලන අධිකාරියට එල්ල කරන මෙම චෝදනා සාමාන්‍යකරණය වී ප්‍රාදේශීය මන්ත්‍රීවරියන් දක්වා යන්න පුළුවන්. ඒ නිසා හදිසි නීති රෙගුලාසි කෙළින්ම අතට ගන්න. හදිසි නීති රෙගුලාසිවල 20/21 වගන්තිවල පැහැදිලිව තිබෙනවා භෞතිකව හෝ Online හෝ ඒඅයි (AI) තාක්ෂණයෙන් හෝ ඒ ආකාරයෙන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සත්‍ය අදහස් විකෘති කිරීම, එවැනි අදහස් ප්‍රචාරය කිරීම වෙනුවෙන් මහෙස්ත්‍රාත් මහාධිකරණයක වරදකරුවන් වුවහොත් වසර 05 කට නොවැඩි සිරදඬුවම් විඳින්න පුළුවන්. ඊට අමතරව වැරදිවලට අවුරුදු 10 දක්වා සිරදඬුවම් දෙන තැනට ගේන්න පුළුවන්.
තව එකක් තමයි මේ ගැසට් පත්‍රයේ විශේෂත්වයක් වන්නේ මෙවැනි චෝදනාවකට අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ සැකකරුවකු විදියට නෙමෙයි චූදිතයෙක් විදියටයි. ඒක නිසා අත්අඩංගුවට ගැනීමක් සිදුකරන කොටම ඔහු චූදිතයෙක් බවට පත්වන බවට ජනතාව දැනුවත් කරන්නට කටයුතු කරන්න. දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 20ක් පමණ ලැබී තිබෙනවා.
@දිවයින

